මල් සුරංගනාවියෝ
මල් සුරංගනාවියෝ
හී හී හී හී
හී හී...........
“අම්මෝ! ඒ
කාගෙද හිනාව?”
නිදා සිටි රෝස
සුරඟන අවදි වූවාය. ඈ දුව ගොස් දොරෙන් එබිකම් කළාය.
“ආනේ එහා විලේ
මල් පිපිලා, යාළුවන්ට එන්න කියනවා.” එසේ සිතූ ඇය, යහළුවන්ගේ
නිවෙස් බලා දිව ගියා.
“යාළුවනේ, එහා
විලේ මල් පිපිලා. සුරංගනාවියෝ ඒවායින් ඉපදිලා. අපි එයාලව බලන්න යමු.”
“හා.. ඒක
හොඳයි.” තිදෙනා එකවර පැවසුවා.
විල බලා ගිය
ඔවුන් දුටුවේ කුඩා සුරංගනාවන් කිහිප දෙනෙකි.
“ආ ! යාළුවනේ,
ඔයාලට ආයුබෝවන්.” පිච්ච සුරංගනාවිය පැවසුවා.
“ඔයාලා කවුද?”
කලබලයට පත් එයාලා ඇසුවා.
“අපිත් ඔයාලා
වගේම සුරංගනාවියෝ තමයි. එන්න අපිත් එක්ක අපේ ගෙවල් වලට යන්න.”
“හරි අපි
එන්නම්” එයාලා පැවසුවා.
“ඔයාලගේ නම්
මොනවාද?” රෝස සුරංගනාවි ඇසුවා.
“ආ! මම තමයි
කුමුදුමලී, මෙයාලා තමයි මානෙල් මලී, නෙළුම් මලි සහ ඕලු මලී”.
රෝස සුරඟන ඇයගේ
නිවසේ දී ඔවුන්ව රෝස පෙති වලින් සැකසූ ආසන වල වාඩි කරවූවා.
“ආනේ! හරිම
සිනිඳුයි මේ පුටුව. ඒ වගේම හරිම සුවඳයි.” සුවඳට කවදත්
කැමති නෙළුම් මලී පැවසුවා.
“ඔව්! ඒක තමයි,
මම රෝස සුරඟන නිසා රෝස පෙති වලිනුයි පුටු හැදුවේ”.
රෝසි මිහිරි
හඬින් පැවසුවා.
“දැන් යාළුවනේ
අපේ ගෙදර යමු. ඒක තියෙන්නේ ඇට්ටේරියා ගහේ දෙබලකයි. අපි චූටි ඉනිමගක් දිගේ නගිමු”.
ඇට්ටේරියා සුරඟන පැවසුවා.
“හා හා අපි
යමු.” සියළුම දෙනා සතුටින් පැවසුවා.
ඔවුහු ටික
දුරක් ගමන් කර අසල වූ සුවඳවත් ගසකට නැග්ගා.
“අම්මෝ සුවඳ!”
ඕලු සුරඟන විශ්මයෙන් පැවසුවා.
“මේ ඔයාගේ
ගෙදරද?” කුමුදු සුරඟන ඇසුවා.
“ඔව්! මේ මගේ
ගෙදර තමයි” ඇට්ටේරියා සුරඟන පැවසුවා.
“මොකද්ද මේ
ගහේ නම?” නෙළුම් මලී තරමක් සැකයෙන් ඇසුවා.
“මේ ගහේ නම
ඇට්ටේරියා” එසේ පැවසුවේ රෝස සුරඟනයි.
“මේ මල් සුදු
පාටයි. මේවා රෑට නේද පිපෙන්නේ?” ඕළු මලී ඇසුවා.
“ඔව්, රෑට පිපෙන්නේ.
උදේට මම නැගිටලා බලද්දී, පුංචි පුංචි මී මැස්සෝ මගේ ගහේ මල් වල පැණි උරා බොනවා”
“මම හිතුවා, ඒවා
රෑට තමයි පිපෙන්නේ කියලා”. ඕලු මලී කීවා.
“ආ! ඔයා කොහොමද ඒක දන්නේ?” කුමුදු සුරඟන
ඇසුවා.
“මම රෑට පිපෙන
මලකට අධිපති සුරංගනාවියක්. මම ඒවා දකිනවා.” ඕලු මලී පිළිතුරු දුන්නා.
“දැන් අපේ
ගෙදර යමු.” ඉද්ද සුරඟන යෝජනා කලා.
“ආ! ඒක කොහෙද
තියෙන්නෙ?” අළුතින් පැමිණි සුරඟනන් විශ්මයෙන් විමසුවා.
“ම්.. ඒක
තියෙන්නේ, අතන බඩවැටිය ළඟ” ඉද්ද සුරඟන පිළිතුරු දුන්නා.
ඔවුන් ඉද්ද ගස
අසලට පැමිණි පසු නෙළුම් සුරඟන, “මෙතන ගහක් තියනවා කියලා පේන්නෙ නෑ. සුදුපාට මල්
වලින් පිරිලා. මල් මැද කහ පාට. හරිම ලස්සනයි” යැයි පැවසුවා.
“ඔව්, හැමෝම
මගෙ ගෙදර ලස්සනයි කියනවා. හැබැයි ඔයාලගෙ ගෙවලුත් ලස්සනයි.” ඉද්ද සුරඟන ඉතා සතුටින්
පැවසුවා.
“ඒත් ඔයා අපේ
ගෙවල් දැකලා නෑනේ.” අළුතින් පැමිණි ලියල්ලෝම පැවසුවා.
“මට හිතෙනවා
ඔයාලගෙ ගෙවල් ලස්සන ඇති කියලා” ඉද්ද සුරඟන පැවසුවා.
“ම්....ම්....
අපි පිච්ච සුරංගනාවිගේ ගෙදර ගියොත් හොඳ නැද්ද?” රෝස සුරංගනාවි යෝජනා කළා.
“ඔව් නේ, අපිට
එයාව අමතක වුනා.” සියළු දෙනා එක වර පැවසුවා.
ඔවුන් ටික දුරක් ගමන් ගත් පසු මානෙල් මලී
මෙසේ පැවසුවා. “අම්මෝ! පිච්ච සුරංඟනාවිගේ ගෙදර සුවඳ මෙහාටත් එනවා. සුවඳේ බෑ.”
“ඔව්,
ඇට්ටේරියා වගේම සුවඳයි නේද?” පිච්ච සුරඟන ඇසුවා.
“ඔව්.. ඔව් !
ඒවගේමයි.” එසේ පැවසුවේ කුමුදු මලී.
“දැන් අපි
අළුත් යාළුවන්ගේ ගෙවල් වලට ගියා. ඔයාලා දැන් අපේ ගෙවල්වලටත් එන්න.” අළුතින් පැමිණි
නෙළුම් මලී පැවසුවා.
“හරි අපි යමු”
රෝස සුරඟන සතුටින් පැවසුවා.
ඔවුන් මද දුරක
ගිය පසු දුටුවේ අහස මෙන් නිල් පැහැති විලකි.
“ආනේ! මේ
ඔයාලගේ ගෙදරද කුමුදුමලී?” රෝස සුරඟන පුදුමයෙන් ඇසුවා.
“ඔව් මේ අපේ
ගෙදර තමයි” කුමුදුමලී පැවසුවා.
සියළු දෙනාම කුමුදු කොළයෙන් කොළයට පනිමින් කුමුදු
සුරඟනගේ නිවස වෙත පිය නැගුවා.
“අම්මෝ, මේ
ගෙදර සුවඳ!” ඉතා සතුටට පත් වුන පිච්ච සුරඟන පැවසුවා.
“ඔව් මේ ගෙදර සුවඳයි
තමයි. අපි දැන් යමු නෙළුම් මලී ගේ ගෙදර. එයා ළඟ සුදු පාට සහ රතු පාට නෙළුම් මල්
තියනවා” කුමුදු මලී පැවසුවා.
නෙළුම් කොළෙන්
කොළේට පනිමින් එයාලා නෙළුම් සුරඟනගේ නිවසට
ළඟා වුණා.
ඔයා කිවූ දෙ
ඇත්ත තමයි කුමුදුමලී, නෙළුම් මල ළඟ පාට දෙකක මල් තියනවා.
“ඔව් අපි යමු
එයාගේ ගෙදර. එයාගේ ගෙදර නෙළුම් මලක් වගේ.” එසේ පැවසූ කුමුදුමලී ඔවුන්ට මග
පෙන්වූවා.
“මෙහෙ පිච්ච
මලීගේ ගෙදරටත් වඩා සුවඳයි වගේ” යැයි පැවසූ ඉද්ද සුරඟන නැටුමක් නැටුවා.
“ෂා ඒක හරිම ලස්සනයි. දැන් අපි ගියොත් හොඳ නැද්ද
මානෙල් මලීගේ ගෙදර?” එසේ පැවසූ නෙළුම් මලී ඔවුන්ට මාර්ගය පෙන්වූවා.
“මේ ගෙදර දම්
පාටයි නේද?” ඉද්ද සුරඟන ඇසුවා.
“ඔව්, මගේ මල්
දම් පාටයි. ඒ නිසා තමයි ගෙදරත් දම් පාට” මානෙල් මලී පිළිතුරු දුන්නා.
“ආ ... අපට
කෙනෙක් අමතක වුණානෙ. ඒ තමයි ඕලු මලී. යමු එයාගේ ගෙදරටත්” එසේ පැවසුවේ යාබද නිවසේ
වෙසෙන මානෙල් සුරඟනයි.
ඔවුන් ටිකෙන්
ටික ඕලු මලීගේ නිවසට ළඟා වුණා.
“අනේ! මෙතැන
මල් පිපිලා නෑ. පෙහොට්ටුනේ තියෙන්නේ” ඇට්ටේරියා දුක්බරව පවසා ආපසු හැරුණා.
“ඔව්, ඕලු මල්
පිපන්නේ රෑටනේ. ඔයාල රෑට එන්න.” ඕලුමලී පැවසුවා.
“ඔව් තව ගොඩක්
වෙලාව තියනවානෙ රෑ වෙන්න. එතකම් අපි සෙල්ලම් කරමු.” රෝස මලී පැවසූ විට සියළු දෙනාම
සතුටින් එකඟ වුණා.
කාලය ඉක්මනින්
ගෙවී ගියා. ඉද්ද සුරංගනාවි මෙසේ පැවසුවා.
“දැන් වෙලාව
හවස හයයි. අපි යමු”.
“ඔවුන් එහි යන
විට ඕලු කොළයක් මත සිටි ගෙඹි රංචුවෙන් එකෙක් ඉද්ද සුරඟනගේ ඇඟට පැන්නා.
බියට පත් වූ ඉද්ද මලී කෑගැසුවා.
“අනේ මට
සමාවෙන්න. එයාලා මගේ යාළුවෝ” ඕලු මලී දුකින් පැවසුවා.
“කමක් නෑ. මම
තරහ නෑ.” ඉද්ද සුරංඟනාවි මෘදු හඬකින් පැවසුවා.
“හරි අපි යමු.
මල් පිපෙනවත් ඇති.” මෙසේ පැවසූ ඕලු මලී හා පිරිස ඕලු මල් දෙසට දිව ගියා.
ඕලු මල් පිපී
ගලා එන සුවඳින් මුළු පරිසරයම සුවදවත් වුණා.
කණාමැදිරියෝ එළිය සැපයූවා.
ඕලු මලීගේ
නිවස රෝස පාටින් විචිත්‍රවත් වුණා.
“අපි එළියට
යමුද? කුමුදු මලී ඉල්ලීමක් කළා.
අනෙක් අය එය
අනුමත කළා.
ඕලු මලීගේ
නිවසින් පිටතට ආ ඔවුන්ගේ සිරුරු සිසිල් සුළගේ දැවටුනා.
“මෙතන නම්
හරිම සීතලයි. අපේ ගෙදර වගේ නෙවෙයි.” ඇට්ටේරියා මලී කීවාය.
“ඇයි දන්නවාද?
ඒ අපි දන්නෙම නැතිව ශීත සෘතුව අපි ළඟටම ඇවිත්........” ඕලු මලී කීවාය.
෴ නිමි෴
මෙම කථාව නිර්මාණය කරන ලද්දේ මාගේ දියණිය වන විනුදි සනායා සනුත්මී කුමාරසිංහ විසිනි.
මෙහි සිමිකම් අයිතිය ඇය සතුය.
Comments
Post a Comment